
ඉදිරියේ දී ඇති විය හැකි ලැව් ගිනි තත්වයන් කලමනාකරණය කිරීම සදහා වික්ටෝරියා ප්‍රාන්තය තුළ විශේෂ ව්‍යාපෘතියක් සැලසුම් කර තිබෙනවා.
ඒ යටතේ ප්‍රාන්තට පුරා පිහිටි Fire Towers 67 න් කුලුණු 7 ක් ආවරණය වන පරිදි AI තාක්ෂණය ඔස්සේ බල ගැන්වෙන විශේෂිත කැමරා පද්ධති ජාලයක් පිළිබදව අත්හදා බැලීම් මේ වනවිට සිදු කෙරෙනවා.
ඊට ඩොලර් මිලියන 1.5 ක මුදලක් වැය වනු ඇති බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.

ෆෙඩරල් රජය සමග ඒකාබද්ධ වී සිදු කරන මෙම ව්‍යාපෘතිය ඔස්සේ දුරස්ථව සිටිමින් ලැව් ගිනි හදුනා ගැනීමට අවකාශය හිමි වීම ද විශේෂත්වයක්.
අදාළ ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්තවල ඇති වන ලැව් ගිනි හදුනා ගැනීම සදහා මෙම තාක්ෂණය භාවිතා කළ හැකියි.

මෙහිදී GPS තාක්ෂණය භාවිතා කරමින් දුම් (Smoke) සහිත ස්ථාන නිශ්චිතව හදුනා ගත හැකි බවටයි සැලකෙන්නේ.
ස්ථානය පිළිබද දත්ත නිවැරදිව ලබා ගත් පසුව එය පරීක්ෂා කිරීම සදහා ගුවන් යානයක් යැවීම හෝ Fire Towers භාවිතා කරමින් එය තහවුරු කර ගැනීම මෙහිදී සිදු වන බව ද වැඩිදුරටත් සදහන්.