Search

වෙනස් වන පෙට්‍රල් මිල දැනගන්න වික්ටෝරියානුවන්ට අලුත් App එකක්

වික්ටෝරියා හි ඉන්ධන මිල දිනපතා අලුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

පවතින ජීවන වියදම විසඳීම සඳහා මෙම යෝජිත ඉන්ධන සැලැස්ම නිර්මාණය කළ බවයි ඔවුන් පවසන්නේ.

එහෙත් අඩුම ඉන්ධන මිල සොයාගැනීමට ඇති අපහසුතාව මත ඉන්ධන මිල නිරතුරුව වෙනස් වීම හේතුවෙන් මෝටර් රථ රියදුරන් දැඩි කලකිරීමට පත්ව තිබෙනවා

නව සැලසුම යටතේ Tracking App එකක් හදුන්වාදීමට යි වික්ටෝරියා රජය තීරණය කර ඇත්තේ.

එමගින් දෛනික ඉන්ධන මිල වෙනස්වීම් පිළිබඳ තොරතුරු පහසුවෙන් දැනගත හැකිවනු ඇති.

මෙම නව යෝජනාව අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙම වසරේ ඊට අදාල නීති සම්මත කරගැනීමට නියමිත බවයි රාජ්‍ය මාධ්‍ය වාර්තා විසින්  සදහන් කරන්නේ.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »