
වසර 160 000කට පසු ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියානු අහසේ දුර්ලභ වල්ගා තරුවක් දැක ගැනීමේ අවස්ථාව හිමිව තිබෙනවා.
G3 Atlas ලෙස නම් කර ඇති මෙම වල්ගා තරුව යළිත් කවදා දැකගත හැකිදැකි කිව නොහැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ.
ජනවාරි 19 වන දා සිට 23 වන දා දක්වා මෙම වල්ගා තරුව දැක ගැනීමේ අවස්ථාව හිමිවන අතර ඔස්ට්‍රේලියාවේ දකුණු අර්ධගෝල කලාපය තුල වඩාත් හොදින් දැකගත හැකියි.

වල්ගා තරුව පියවි ඇසට පෙනෙන අතර මෙම වල්ගාතරුව 2024 අප්‍රේල් මස හදුනා ගන්නා ලද්දක් බව සදහන්.
G3 Atlas කක්ෂය සම්බන්ධයෙන් නාසා ආයතනය විසින් සමීපව සිදු කළ නිරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙය සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම වල්ගා තරුව යළිත් වසර ලක්ෂ අටකින්වත් දැක ගත නොහැකි බවයි වාර්තා වන්නේ.
NSW හි Orange, Victoria’s Mt Dandenong සහ Mount Barker හි වල්ගා තරුව දුටු බව ඡායාරූප ශිල්පීන් සමාජ මාධ්‍යවල ජායාරූප දක්වා තිබුණා.
NSW ඡායාරූප ශිල්පී ට්‍රෝයි පියර්සන් ජනවාරි 19 වන දින Mt Canobolas in Orange සිට වල්ගා තරුවේ දර්ශනීය ඡායාරූප ලබා ගත්බව සදහන් කර තිබෙනවා.