Search

අක්‍රිය වූ TikTok යළිත් අද සක්‍රිය වෙයි

ඇමරිකාව තුළ ක්‍රියා විරහිත කළ ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය යෙදවුමක් වන TikTok යෙදවුම යළි එරට තුළ සක්‍රීය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව යළි ඇමරිකාවේ සක්‍රීය වන TikTok ගිණුම් සංඛ්‍යාව මිලියන 170ක්.

ඇමරිකා එක්සත් ජනපදයේ TikTok තහනම ඊයේ (19) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් එම තහනම ක්‍රියාත්මක වීමට පෙර, ඊයේ (19) දිනයේ Apple සහ Google යෙදවුම්වලින් TikTok ස්වයංක්‍රියව ඉවත් කර තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව පරිශීලකයින්ට TikTok යෙදවුමට පිවිසීමට උත්සහ කිරීමේදී ඊට ‘ප්‍රවේශ විය නොහැකි බවට’ ඊයේ දිනයේ කෙටි පණිවුඩයක් පෙන්නුම් කර තිබෙනවා.

මෙම තහනම බලාත්මක කරන්නේ කෙසේද යන්න අවිනිශ්චිතව පවතින පසුබිමක ධවල මන්දිරය ප්‍රකාශ කළේ එය බලාත්මක කිරීම ට්‍රම්ප් පරිපාලනයට භාර දෙන බවයි.

තමා බලයට පත් වීමෙන් අනතුරුව TikTok තහනමට දින 90ක් දක්වා සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව, පසුගියදා NBC පුවත් සේවය සමග දුරකථන සංවාදයකට එක් වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

ඒ අනුව ඔහු පොරොන්දු වු පරිදි බලයට පත්වීමෙන් අනතුරුව අද (20) මෙලෙස අමෙරිකාව තුළ TikTok යෙදවුම යළි සක්‍රීය කිරීමට පියවර ගෙන තිබෙනවා.

Monara