Search

දෙසැම්බර් නිවාඩුවේ ඔස්ට්‍රේලියාවේ දික්කසාද වීම් ඉහළට

මෙම වසරේ ජනවාරි මාසය අවසන් වන විට ඔස්ට්‍රේලියාව තුළ දික්කසාද වීමේ අනුපාතයේ යම් ඉහළ යෑමක් පෙන්නුම් කෙරෙනවා.

2024 වර්ෂයේ දෙසැම්බර් මාසයේ සිට 2025 වර්ෂයේ ජනවාරි මාසය දක්වා කාල සීමාව තුළ දික්කසාද වීම් සම්බන්ධ විමසීම් ඉහළ ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව මෙම අගය 40% කින් පමණ ඉහළ ගොස් තිබෙන බවයි The Separation Guide විසින් පෙන්වා දී ඇත්තේ.

මේ අතර ගෙවුණු දෙසැම්බර් සෙසු දිනවලට සාපේක්ෂව 28 වනදා පමණක් දික්කසාද වීම් සම්බන්ධ විමසීම් සංඛ්‍යාව 88% කින් පමණ වර්ධනය වී තිබීම ද විශේෂත්වයක්.

ජනවාරි මාසය තුළ ද එම අගය 39% කින් පමණ ඉහළ ගොස් තිබෙන බවයි එම දත්ත වාර්තා ඔස්සේ අනාවරණය වී ඇත්තේ.

නිවාඩු සමය තුළ මූල්‍ය අර්බුදය උග්‍ර වීම සහ වෙනත් ගැටළු හේතුවෙන් මෙම තත්වයේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ද වැඩිදුරටත් සදහන්.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »