Search

ඔස්ට්‍රේලියානු බැංකුවක් සිය ශාඛා රැසක් වසා දැමීමට තීරණය කරයි

ක්වීන්ස්ලන්ඩ් බැංකුව විසින් ඔස්ට්‍රේලියාව පුරා ව්‍යාප්තව පවතින සිය බැංකු ශාඛා 14 ක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ බැංකු ශාඛා 02 ක් ද වික්ටෝරියා හි බැංකු ශාඛා 04 ක් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පිහිටි බැංකු ශාඛා 06 ක් ද මෙලෙස වසා දැමීමටයි පාලනාධිකාරිය විසින් තීරණය කර ඇත්තේ.

පෙබරවාරි 19 වනදා සිට පෙබරවාරි 27 වනදා දක්වා මෙම ක්‍රියාවලිය සිදු වන අතර නැවත එම බැංකු ශාඛා විවෘත නොවන බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් බැංකු ප්‍රකාශකයෙකු විසින් අවධාරණය කර ඇත්තේ
තම ගනුදෙනුකරුවන්ගෙන් වැඩි පිරිසක් ඩිජිටල් බැංකුකරණය (Digital Banking) හරහා සිය සේවාවන් ලබා ගන්නා නිසා බැංකු පාලනාධිකාරියට මෙම දුෂ්කර තීරණය ගැනීමට සිදුවූ බවයි.

අදාළ තීරණය සම්බන්ධයෙන් මූල්‍ය අංශ වෘත්තීය සංගමය විසින් සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

ග්‍රාමීය බැංකුකරණය (Rural Banking) ආරක්ෂා කිරීම සදහා ෆෙඩරල් රජය මැදිහත් විය යුතු බවටයි මූල්‍ය අංශ වෘත්තීය සංගමයේ ජාතික ලේකම් ජේසන් හෝල් මහතා විසින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

 

ඉදිරියේ දී වසා දැමෙන ක්වීන්ස්ලන්ඩ් බැංකු ශාඛා -:

  • Newtown, New South Wales
  • Bella Vista, New South Wales
  • Applecross, Western Australia
  • Moonee Ponds, Victoria
  • Richmond, Victoria
  • Docklands, Victoria
  • Hampton, Victoria
  • Rockdale, New South Wales
  • Caloundra, Queensland
  • Carindale, Queensland
  • Elanora, Queensland
  • Sherwood, Queensland
  • Springwood, Queensland
  • Toowong, Queensland

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »