Search

වික්ටෝරියා ප්‍රාන්ත රියදුරන්ට ඉදිරියේ දී සහන රැසක්

වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඉන්ධන වියදම් ඉහළ දැමීමේ සීමාව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ ඉහළ යන ජීවන වියදම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් අද (20) කම්කරු පක්ෂයේ “සාධාරණ ඉන්ධන සැලසුම” (Fair Fuel Plan) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම ක්‍රමවේදය හරහා ඉන්ධන මිල ගණන්වල වෙනස් වීම ඉදිරියේදී පාරිභෝගියකන් වෙත දැනුම් දීම සිදුවන අතර පැය 24 ක් යන තුරු එම මිල ගණන් වෙනස් කිරීමට ද නොහැකි සදහන් වන්නේ.

ඒ අනුව ඉදිරියේ දී පෙට්‍රල් පිරවුම් හල් 1500 ක පමණ ඉදිරියේ දී ඉන්ධන මිල ගණන් දිනපතා ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් විසින් අවධාරණය කර ඇත්තේ මෙල්බන් හි රියදුරන්ට ලාභදායි ඉන්ධන පිරවුම් හල් වලින් ඉන්ධන පිරවීම ඔස්සේ වසරකට ඩොලර් 333 ක මුදලක් ඉතිරි කර ගත හැකි බවයි.

මෙම ක්‍රමවේදය හරහා වික්ටෝරියා ප්‍රාන්ත රියදුරන්ට පහසුකම් රැසක් සැරසෙන බව ද වැඩිදුරටත් සදහන්.