
වික්ටෝරියාහි පිහි ඇනුමකට සම්බන්ධ පුද්ගලයින් 10 දෙනෙකු සෙවීමට පොලීසිය මහජන සහය පතනවා.
වික්ටෝරියාවේ උත්සවයක් අතරතුර 18 හැවිරිදි තරුණයෙකුට පිහියකින් ඇනීම ඔවුන්ට එරෙහි චෝදනාවයි.
ජනවාරි පළමු වන දින පාන්දර 2 ට පමණ Sorrento හි Collins Parade සහ Calcutta වීදිය අසල Point Nepean මාර්ගයේ මෙම අපරාධය සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

එහිදී 18 හැවිරිදි මෙම තරුණයාට පිහියෙන් ඇන පස්වතාවක් පහර දී ඔවුන් පැන ගොස් තිබෙනවා.
අදාල තරුණයා මේ වන විට බරපතල තුවාල සහිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි එම නිලධාරීන් සඳහන් කර ඇත්තේ.

සැකකරුවන් වයස අවුරුදු 17 ත් 21 ත් අතර පසුවන කලු ජාතිකයන් බවට සැකකරන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු, CCTV, Dashcam දර්ශන හෝ වෙනත් තොරතුරක් දන්නා අයෙක් ඇත්නම් ඒ පිළිබද අපරාධ මර්ධන අංශයට දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරනව.