
බටහිර ඔස්ට්‍රේලියාවට බලපා ඇති නිවර්තන සුළි කුණාටු තත්වය අද දක්වාම දිගටම පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා කාර්යංශය දැනුම් දී තිබෙනවා.
මේ අතර බටහිර ඔස්ට්‍රේලියාවේ Meckering හි රිච්ටර් මාපක 3.8 ක භූමිකම්පන තත්වයක් ද හටගෙන තිබෙනවා.
මෙම සුළි කුණාටු තත්වය Sean ලෙස නම් කර ඇති අතර අද අලුයම වන විට සුළි කුණාටු තත්වය එහි තුන්වන මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පැයට කිලෝමීටර 150 වේගයෙන් හමා ගිය සුළග මේ වන විට පැයට කිලෝමීටර 205 දක්වා ඉහළ ගොස් ඇති බව සදහන්.
මේ හේතුවෙන් Onslow සහ Exmouth ප්‍රදේශයන් ද Mardie සිට Ningaloo දක්වා කළාප වලට අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති.

එම ප්‍රදේශ වල ජනතාව හැකිතාක් ආරක්ෂිත ස්ථාන වෙල රැදෙන ලෙස දන්වා ඇති අතර කාලගුණ නිවේදන කෙරේ අවදානයෙන් පසුවන ලෙස සදහන්.
තවද ක්වීන්ස්ලන්ඩ් හි ගිනිකොන දිග කලාපයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් dam ආශ්‍රිත වෙසෙන ජනතාව සැළකිලිමත් වන ලෙසයි දැනුම් දී ඇත්තේ.