
සෑම ඔස්ට්‍රේලියානු කාන්තාවන් පස් දෙනෙකුගෙන් හතර දෙනෙක් තම periods කාලය තුළ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන බව අනාවරණය වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සිදුකළ නවතම අධ්‍යනයක දී අනාවරණය වී ඇත්තේ පසුගිය වසර පහ තුළ ඔස්ට්‍රේලියානු කාන්තාවන් පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුට පමණ නිදන්ගත ඔසප් වීමේ රෝග ලක්ෂණ අත්විඳ බවයි.
මෙලෙස කාන්තාවන්ගේ සෞඛ්‍ය පිරිහීම හේතුවෙන් ෆෙඩරල් රජයට වසරකට ඩොලර් බිලියන 14 ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබෙනවා.

වයස අවුරුදු 18 ත් 44 ත් අතර ඔස්ට්‍රේලියානු කාන්තාවන් 1,200 කට අධික සංඛ්‍යාවක් මෙම අධ්‍යනය සදහා යොදාගෙන ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සදහන් කර අත්තේ ඔසප් කාලය තුළ තමන් දැඩි අපහසුතාවයෙන් සිටින බවයි.
සමීක්ෂණයට සහභාගි වූවන්ගෙන් සියයට 77 ක් සදහන් කලේ ඔසප් සමය තුළ තමන් වැඩි වශයෙන් කරදර වන බවයි.

එම කාලය තුළ රැකියාවට යෑම මෙන්ම අධ්‍යාපන කටයුතු වල නියැලීමද අපහසුකාරි බවයි ඔවුන් සදහන් කෙළේ.
එම කාලයේ ඇති වන වේදනා තත්වයන් ගැන වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ද කාන්තාවන් මැලි වන අතර සමීක්ෂණය සදහා සහභාගි වූවන්ගෙන් සියයට 44ක් සදහන් කළේ තමන් වෛද්‍ය උපකාර පැතිමෙන් වැළකෙන බවයි.
ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත ප්‍රසව හා නාරිවේද Journal විසින් මෙම අධ්‍යන තොරතුරු ප්‍රකාශයට පත්කර තිබුණා.