
Protection Visa බලපත්‍රයක් (Subclass 866) සඳහා අයදුම් කිරීමේ දී අසත්‍ය තොරතුරු සපයන සංක්‍රමණිකයින්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.
Protection Visa සදහා වෙන අයෙකු ඔබ වෙනුවට එය සම්පූර්ණ කර ඉදිරිපත් කළ ද, ඔබේ අයදුම්පතෙහි ඇති සියල්ල සත්‍ය බව සහතික කර යුතුයි.
ඔබ අයදුම් කරන්නේ කුමක් සඳහාද සහ සපයනු ලබන තොරතුරු මොනවාද යන්න තේරුම් නොගෙන ඔබ වෙනුවෙන් ආරක්ෂණ වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන ලෙසයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ.

Protection Visa අයදුම් කිරීමට පෙර ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ නොමිලේ තොරතුරු සපයන ආගමන නීති නිලධාරියෙක් සමඟ කතා කර නිවැරදි උපදෙස් ලබා ගන්නා ලෙස වැඩිදුරටත් සදහන්.
Protection Visa (Subclass 866) වලට අදාළව ඔස්ට්‍රේලියාවේ වංචනික ක්‍රියා සිදුකරන පුද්ගලයින්ට උපරිම දඩයක් හෝ වසර 10ක සිරදඩුවම් හිමිවන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව යලිත් අවදාරණය කර තිබෙනවා.

ඇතැම් අවස්ථා වල දඩ මුදල් සහ සිර දඩුවම් යන දෙඅංශයටම යටත්වීමට වංචනිකයින්ට සිදුවනු ඇති.
Protection Visa සම්බන්ධයෙන් වැරදි තොරතුරු රාශියක් සමාජගත වී තිබීම හේතුවෙන් සංක්‍රමණිකයන්ට ගැටළු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වීසා බලපත්‍රය ලබාදෙන්නේ ඔස්ට්‍රේලියාව තුළ සරණාගතභාවය අයදුම් කරන පුද්ගලයන් සදහා පමණක් වන බව යළිත් වතාවක් ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් සදහන් කර තිබෙනවා.