
මෙල්බන් ගුවන් තොටුපළ තුළ නව ගුවන් ධාවන පථයක් (Runway) ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ සදහා ඩොලර් බිලියන 03 ක මුදලක් වෙන් කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.
එය මීටර් 3000 ක පමණ දිගකින් යුක්ත වීම ද විශේෂත්වයක්.

නව සංවර්ධන ව්‍යාපෘතිය මෙල්බන් වැසියන් වෙනුවෙන් රැකියා අවස්ථා 51,000 ක් පමණ උත්පාදනය වනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.
මෙල්බන් ගුවන් තොටුපළේ ප්‍රධාන විධායක ලෝරි ආර්ගස් විසින් ප්‍රකාශ කර ඇත්තේ. මෙම ව්‍යාපෘතිය ඔස්සේ වයඹ දිග මෙල්බන් හි ජීවත්වන ජනතාවට මේ හරහා විශේෂ අවස්ථාවන් රැසක් උදාවන බවයි.

මේ හරහා වික්ටෝරියා ප්‍රාන්ත ආර්ථිකය වෙනුවෙන් වසරකට ඩොලර් බිලියන 6 ක පමණ මුදලක් ලැබෙනු ඇති බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.
මෙහි ඉදිකිරීම් 2031 වසර වනවිට අවසන් කිරීමට නියමිතයි.