Search

තව දින 06 කින් මෙල්බන් වැසියන්ට නොමිලේ අවස්ථා රැසක්

ඔස්ට්‍රේලියා දිනයේ දී (Australia Day) මෙල්බන් වැසියන්ට නොමිලයේ සහභාගී විය හැකි විශේෂ අවස්ථාවන් පිළිබඳව දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

ඒ වික්ටෝරියා ප්‍රාන්ත නිල වෙබ් අඩවිය විසින් වීමද විශේෂත්වයක්.

ඒ අනුව ජනවාරි 26 වන දා මෙල්බන් වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ වීමට නියමිත “Australia Day Flag Raising Ceremony” සදහා මෙල්බන් වැසියන්ට සහභාගී විය හැකියි.

එදින උදෑසන 10.00 සිට දවස පුරා Federation Square හීදී පැවැත්වෙන Australia Day සැමරුම් අවස්ථාව සදහා ද ගාස්තු ගෙවීමකින් තොරව ඔවුන්ට නොමිලයේ සහභාගී වීමට අවකාශය උදා වන බවයි දැක්වෙන්නේ.

එහිදී ප්‍රණීත ආහාර පාන රස විදිමින් සංගීතයට සවන් දෙමින් විනෝද වීමේ අවස්ථාව පවතින බව ද සදහන්.

මේ අතර ඔස්ට්‍රේලියා දිනයේ දී “Government House Open Day” අවස්ථාවට ද නගර වැසියන්ට නොමිලයේ සම්බන්ධ විය හැකියි.

එදිනට “21 – Gun Salute at the Shrine of Rememberance” සදහා ද ගාස්තු අය කිරීමකින් තොරව සහභාගී වීමට අවස්ථාව හිමි වන බව ද වැඩිදුරටත් සදහන්.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »