
ලොව එක් එක් රටවල වෙළද සැල් වලින් වැඩි වශයෙන් සොරා ගන්නා භාණ්ඩ පිළිබදව අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.
ඒ World of Statistics වෙබ් අඩවිය විසිනුයි.
මෙම අධ්‍යයනයට අනුව ඔස්ට්‍රේලියාව තුළ වැඩි වශයෙන් සොරාකමට ලක් වන්නේ කුඩා දරුවන්ගේ කිරි ආශ්‍රිත නිෂ්පාදන වීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ වෙළද සැල් වලින් කුළු බඩු (Spices) සොරුන් විසින් වැඩි වශයෙන් පැහැර ගන්නා බවයි සදහන් වන්නේ.
ඇමෙරිකා එක්සත් ජනපදය තුළ මස් වර්ග ද ප්‍රංශය සහ කැනඩාව තුළ චීස් වර්ග ද වැඩි වශයෙන් සොරා ගන්නා බවයි දැක්වෙන්නේ.

එමෙන්ම එංගලන්තයේ දී පැකට් කළ මස් වර්ග ද ජර්මනීයේ චොක්ලට් වර්ග ද වැඩි වශයෙන් සොරකමට ලක් වන භාණ්ඩ අතරට ඇතුලත් ව තිබෙනවා.
යුක්‍රේනය සහ රුසියාව තුළ පිළිවෙලින් සිගරට් වර්ග සහ මත් පැන් වර්ග වැඩි වශයෙන් සොරුන්ගේ පැහැර ගැනීම්වලට ලක් වන බවද වැඩිදුරටත් සදහන්.