Search

ට්‍රම්ප් ජනපති ධූරයේ දිවුරුම් දීම අද

ඇමරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම් දෙනවා.

ඇමරිකාවේ නැගෙනහිර සම්මත වේලාවෙන් අද දහවල් 12.00 ට එරට අගනුවර වන වොෂින්ටන් D.C හීදී එය පැවැත්වීමට නියමිතයි.

ඇමරිකා එක්සත් ජනපදයේ අගවිනිසුරුවරයා වන ජෝන් රොබට් ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවනු ඇති.

පසුව අභිනව ජනාධිපතිවරයා විසින් ජාතිය ඇමතීම සිදු කර අතර ඉන් පසුව නිල වශයෙන් ලේඛනයකට අත්සන් තැබීම සිදු වනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපති ධූරයේ දිවුරුම් දෙනු ලබන්නේ දෙවන වතාවට වීම ද විශේෂත්වයක්.

ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමෙන් පසුව උප ජනාධිපතිරයා ලෙස ජේ.ඩී හාන්ස් දිවුරුම් දීමට නියමිතයි.

ඇමරිකා එක්සත් ජනපදයේ 50 වන උප ජනාධිපතිවරයා ලෙසයි ඔහු සැළකෙන්නේ.

මේ අතර අද දිනයේ දී ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ එම ධූරයෙන් නිල වශයෙන් සමුගැනීම සිදුවන බව ද වැඩිදුරටත් සදහන්.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »