Search

ඉහළ යන ජීවන වියදම නිසා ඔස්ට්‍රේලියානුවන්ට මූල්‍ය සහනයක්

ඉහළ යන ජීවන වියදම සැළකිල්ලට ගනිමින් ඔස්ට්‍රේලියානුවන්ට මූල්‍ය සහයෝගයක් ලබා දීමට ෆෙඩරල් රජය විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ ජාතික ණය උපකාරක සේවාව (National Debt Helpline) හරහා වීම ද විශේෂත්වයක්

මෙම අරමුදල සදහා ඩොලර් මිලියන 44 ක අමතර මුදල් ප්‍රමාණයක් ලබා දීමටයි ෆෙඩරල් රජය විසින් තීරණය කර ඇත්තේ.

මූල්‍ය උපදේශකයින් පුහුණු කිරීම සදහා මෙම අරමුදල යොදා ගැනීමට නියමිතයි.

ඒ හරහා මූල්‍ය උපදෙස් අවශ්‍ය ඔස්ට්‍රේලියානුවන්ට සහන රැසක් ඉදිරියේ දී සැලසෙනු ඇති බවයි පැවසෙන්නේ.

ඔස්ට්‍රේලියානුවන් 20,000 කට පමණ මෙම සේවාව හරහා ප්‍රතිලාභ හිමි වන බව ද වැඩිදුරටත් සදහන්.