
නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් අනතුරට ලක්වීමෙන් සිදු වූ පිපිරීමෙන් , එම ස්ථානයෙන් ඉන්ධන එකතු කිරීමට පැමිණි පුද්ගලයින් 77 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
උතුරු මැද නයිජර් ප්‍රාන්තයේ සුලේජා ප්‍රදේශයේදී මෙම ටැංකිය පෙරළී ගොස් ඇති අතර පසුව එහි තිබූ තෙල් පිටතට කාන්දු වී තිබෙනවා.
අවට සිටි ජනතාව එම ඉන්ධන ලබා ගැනීමට එක්වී ඇති අතර, එහිදීයි මෙම ඉන්ධන ටැංකිය පුපුරා ගොස් ඇත්තේ.

අනතුරින් තවත් 25 දෙනෙකු තුවාල ලැබූ බව සඳහන්.
මේ ආකාරයට ඉන්ධන ටැංකි පිපිරීම් සහ අනතුරු නයිජීරියාවේ බහුලව දක්නට ලැබෙන්නේ බොහෝ විට මාර්ගවල දුර්වල තත්ත්වය සහ නඩත්තු නොකරන ලද වාහන මගින් ඒවා ප්‍රවාහනය කිරීම නිසයි.
