
වයස අවුරුදු 19 න් පහළ කාන්තා T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය අද (19) පැවැත්වුණා.
ඒ සත්කාරක මැලේසියා කණ්ඩායම සමඟයි.
ක්වාලාලම්පූර් හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ මැලේසියා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අවසරයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 06 ක් පමණක් දැවී ලකුණු 162 ක් රැස් කිරීමට සමත්කම් දැක්වූවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිම් දියත් කළ දහමි සෙනෙත්මා ලකුණු 55 ක් ද සංජනා කාවින්දි වේගවත් ලකුණු 33 ක් ද රැස් කළා.

ලකුණු 163 ක ඉලක්කයක් හඹා ගිය මැලේසියා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 14 පන්දු 01 තුළ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 23 පමණයි.
ඒ අනුව මැලේසියා කණ්ඩායම පරදා ලකුණු 139 විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමට නිරත වූ චමෝදි ප්‍රබෝදා කඩුලු 03 ක් බිද හෙලූ අතර නායිකා මනුදි නානායක්කාර සහ ලිමන්සා තිලකරත්න අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.