Search

අද සිට ඇමරිකාවේ TikTok තහනම් වෙයි

ඒ අනුව බොහෝ TikTok පරිශීලකයින්ට ඊට ප්‍රවේශ වීමේ දී දෝෂ පණිවිඩ ලැබෙන අතර යෙදුම භාවිතා කිරීමට නොහැකි වීමත් සමඟ එක්සත් ජනපදයේ TikTok තහනම දැන් ක්‍රියාත්මක බව සදහන්.

සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ සිට TikTok සේවාව ස්වේච්ඡාවෙන් ඇමරිකාව තුළ අත්හිටුවීමට ටික්ටොක් සමාගම තීරණය කලා.

මෙම තීරණය හේතුවෙන් මිලියන 170කට අධික පරිශීලකයින් සංඛ්‍යාවකට එම යෙදුම වෙත ප්‍රවේශය අහිමිව ඇති බව සදහන්.

ධවල මන්දිරය සහ අධිකරණ දෙපාර්තමේන්තුව ටික් ටොක් හි සේවාව ලබා ගැනීම සඳහා තම සමාගමට සහතිකයක් ලබා දීමට අපොහොසත් වී ඇති බව ඔවුන් සඳහන් කරනවා.


ටික් ටොක් සමාජ මාධ්‍ය වේදිකාවට පනවා ඇති තහනම නොතකා ඔවුන් ක්‍රියා කළ හොත්, වීඩියෝ යෙදුමට දඬුවම් නොලැබෙන බවට සහතික කිරීමට රජය වහාම මැදිහත් විය යුතු බවයි ටික් ටොක් සමාගම පවසන්නේ.

නමුත් එවැනි සහතිකයක් ලබා දීමට අමෙරිකානු රජය අපොහොසත් වන්නේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව යමින්, ජනවාරි 19 වන දින සිට මිලියන 170 ක පරිශීලකයින් සඳහා ක්‍රියාතමක නොවනු ඇති.

මෙම තහනම නිසා දැනටමත් ඔවුන්ගේ දුරකථනවල යෙදුම බාගත කර ඇති TikTok පරිශීලකයින්ට බලපාන්නේ නැති බවටයි මුළදී මත පළ වූයේ.

නමුත්, TikTok හි නව ප්‍රකාශයෙන් ඇඟවෙන්නේ එය පවතින සියලුම පරිශීලකයින්ට මෙන්ම එය බාගත කිරීමට උත්සාහ කරන පුද්ගලයින්ටත් යෙදුම ක්‍රියාත්මක නොවනු ඇති.


මේ අතර, ඇමරිකානු ටික් ටොක් නිර්මාණකරුවන් ඔවුන්ගේ අනුගාමිකයින්ට සමුදීම සඳහා යෙදුමේ වීඩියෝ පළ කරමින් සින බව විදෙස් වාර්තා පවසනවා.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »