
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියා ෆෙඩරල් මැතිවරණය මේ වනවිට උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.
ඒ වත්මන් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සහ විපක්ෂ නායක පීටර් ඩට්න් සිය මැතිවරණ ව්‍යාපාර සාර්ථකව ඉදිරියට සිදු කර ගෙන යාම හේතුවෙන් බවයි පැවසෙන්නේ.
මේ අතර ෆෙඩරල් අග්‍රාමාත්‍යවරයා විසින් බටහිර සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපලට සම්බන්ධ ලිවර්පූල් හි පිහිටි මාර්ග පද්ධතියක් සංවර්ධනය කිරීම සදහා ඩොලර් බිලියන භාගයක මුදලක් ලබා දීමට පියවර ගෙන තිබීම ද විශේෂත්වයක්.

විපක්ෂ නායක පීටර් ඩට්න් ප්‍රකාශ කර ඇත්තේ කුඩා ව්‍යාපාර හිමියන් වෙනුවෙන් වයින් සහ ආහාර සදහා ඩොලර් 20,000 ක බදු සහන ලබා දෙන බවයි.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියා ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනයක් මෙතෙක් නිල වශයෙන් නම් කර නැහැ.
