
2018 සහ 2023 අතර කාලසීමාව තුළ ඔස්ට්‍රේලියාවේ ආචාර්ය උපාධි සදහා සිසුන් බඳවා ගැනීම සියයට 8කින් පහත වැටී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සහ ACGR හි වාර්තාව අනුව අධ්‍යාපනයේ උසස්ම තලය වන ආචාර්ය උපාධිය හදාරන සිසුන් දැඩි ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දෙන බවයි අනාවරණය වන්නේ.
විශේෂයෙන් 2018-2023 කාලසීමාව තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනය සියයට 7කින් ඉහළ ගොස් තිබූ අතර ඊට සාපේක්ෂව ආචාර්ය උපාධිය හදාරන පිරිස් ඉතා අතලොස්සක් බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

ප්‍රමාණවත් නොවන රජයේ සහයෝගය සහ ඉහළ යන ජීවන වියදම හේතුවෙන් බොහෝ දෙනෙක් ට ඔස්ට්‍රේලියාවේ PHD සම්පූර්ණ කරගත නොහැකි බව සදහන් කර තිබෙනවා.
ආචාර්ය උපාධියක් සම්පූර්ණ කිරීමට පර්යේෂණ නිබන්ධනයක් සිදු කළ යුතු අතර ඒ සදහා විශාල මුදලක් වැය වන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නව පර්යේෂණයන් හී අනාගතය සුරක්ෂිත කිරීම සඳහා දීමනා වැඩි කිරීමට රජයේ සහය ලබා දෙන ලෙස විශේෂඥයින් ඉල්ලීමක් ද කර තිබෙනවා.
PhD පර්යේෂණ සදහා සතියකට පැය 40ක් අවම වශයෙන් කැප කළ යුතු අතර මේ හේතුවෙන් සිසුන්ට මූල්‍ය පීඩා රැසක් පවතින බව සිසුන් සදහන් කර තිබෙනවා.
PhD හදාරන බොජෝ දෙනෙක් විවහක පිරිස් වන අතර ජීවන වියදම හමුවේ අර්බුද රැසක් නිර්මාණය වන බවයි සදහන් කර ඇත්තේ.
මේ හේතුවෙන් බොහෝ දෙනෙක් PhD හැදෑරීම නවතා දමා ඇති බවට තොරතුරු අනාවරණය වනවා.