
හෝර්බට්හි නැගෙනහිර වෙරළේ රොක්බි ප්‍රදේශයේ නිවසක ගින්නකින් කුඩා ළදරුවෙකු මියගොස් තිබෙනවා.
තවත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි පොලීසිය පවසන්නේ.
සුලු තුවාල සහිතව තවත් ළමුන් තිදෙනෙකු ද රෝහල්ගත කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ ගිනි නිවන භටයින් එම ස්ථානයට පැමිණෙන විට නිවස මුලු මනින්ම ගිනි ගෙන තිබූ බවයි.
අසල්වැසියන්ගේ මැදිහත්වීමෙන් ගිනි නිවන උපකරණ යොදාගනිමින් දරුවන් පිටතට රැගෙන තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබද පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.