
ජීලෝන්ග් හි ජනාකීර්ණ සාප්පු සංකීර්ණයක සිදුවු පිහි ඇණුමකින් 17 හැවිරිදි දැරියක් තුවාල ලබා තිබෙනවා.
ඊයේ සවස 5.30ට පමණ මෙම පහර දීම සිදුව ඇත්තේ High Street හි Belmont Village Shopping Center හි දීයි.
නන්නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම පහරදීම සිදු කර ඇති අතර පහරකෑමට ලක් සිසුවිය ජීලෝන්ග් විශ්වවිද්‍යාලය රෝහළට ඇතුලත් කර තිබෙනවා.

සිසුවිය මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ තත්වය බරපතල නොවන බව සදහන්.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර අපරාධකරුවන් මෝටර් රථයකින් එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ.

පසුගිය වසරේ රැල්ලක්ව පැවති මෙම පිහිඇණුම් තර්ජන මෙම වසරේ බොහෝ දුරට මැඩ පැවැත්වීම සදහා කටයුතු කරන බව පොලීසිය එහිදි අවදාරණය කළා.