
බටහිර ඔස්ට්‍රේලියාවේ උතුරේ වෙරළට ඔබ්බෙන් නිවර්තන සුළි කුණාටු තත්වයක් හටගැනීම හේතුවෙන් අවදානයෙන් ඉන්නැයි කාලගුණ විද්‍යා කාර්යාංශය දැනුම් දීමක් කර තිබෙනවා.
මේ හේතුවෙන් කිම්බර්ලි සහ පිල්බරා ප්‍රදේශවලට තද සුළං සහ දැඩි වර්ෂාපතනයක් සිදුවේ යැයි සදහන්.
කාලගුණ විද්‍යා කාර්යාංශය නිවේදනය කර ඇත්තේ බටහිර ඔස්ට්‍රේලියාවේ පිල්බරා වෙරළට කිලෝමීටර් 150ක් පමණ උතුරින් සුළි කුණාටු තත්වයක් වර්ධනය වි ඇති බවයි.

අද උදෑසන 8 ට පමණ නිවර්තන සුළි කුණාටුව පැයට කිලෝමීටර් 85 ක වේගයෙන් ආරම්භ වූ අතර එය පැයට කිලෝමීටර 120 ක් දක්වා වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ.
සුළි කුණාටුවේ අවදානම ජනාකීර්ණ ප්‍රදේශ වලට නොමැති අතර හානිදායක සුළං වර්ධනය වීමේ සම්භාවිතාවක් පවතිනු ඇතැයි සදහන්.

පවතින වර්ෂා අධික කාළගුණික තත්වයේ වැඩි වීමක් දිගින් දිගටම පවතිනු ඇතැයි කාළගුණ විද්‍යා කාර්යංශය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.