Search

ලැව්ගිනි නිසා Oscar සම්මාන උළෙලත් නැති වෙයි?

ලොවක් කම්පා කළ ලොස් ඇන්ජලීස් ලැව්ගිනි තත්ත්වය හේතුවෙන්, 2025 ඔස්කාර් සම්මාන උළෙල පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, බොහෝමයක් ප්‍රසිද්ධ පුද්ගලයින් විසින් සම්මාන උළෙල අවලංගු කරන ලෙස ඉල්ලීම් සිදුකර ඇති බවයි.

බොහෝ දෙනෙකුට නිවාස අහිමි කළ, ජීවිත අහිමි කළ විනාශකාරී ලැව්ගිනි හමුවේ හොලිවුඩ් තරු රැසකට ද තම නිවෙස්වලින් පලා යාමට සිදුව තිබුණා.

ලැව්ගිනි හටගැනුනේ, සම්මාන උළෙල පැවැත්වීමට නියමිත ආසන්නත කාලයකදී යි.

ඒ අනුව 97 වන ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල මාර්තු 2 වන දින පැවැත්වීමටයි කටයුතු සංවිධානව ඇත්තේ.

එහි නාම යෝජනා නිවේදනය ඊයේ (ජනවාරි 17) සිදු කිරීමට නියමිතව තිබූ නමුත්, සංවිධායකයින් විසින් එය ජනවාරි 23 දක්වා කල් දමා තිබෙනවා.

එවන් තත්ත්වයක් මත 2025 ඔස්කාර් සම්මාන උළෙල අවලංගු කළ හැකි බවට මේ වන විටත් අනුමාන කිරීම් සිදුවෙමින් පවතියි.

කෙසේ නමුත්, පැතිර යන කටකතා සම්බන්ධයෙන් සංවිධායක මඬුල්ලේ ඇතැම් සාමාජිකයින් සඳහන් කර ඇත්තේ සම්මාන උළෙල නියමිත පරිදි සිදුවනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ‘ද සන්’ පුවත්පතේ මෑත කාලීන වාර්තාවක සඳහන් වූයේ ඇකඩමි සම්මාන උළෙල සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට සලකා බලමින් සිටින බවට වාර්තා පළවන බවයි.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »