Search

වික්ටෝරියානුවන්ට වැඩි වියදමක් වැය වන අංශ මෙන්න

2024 වසර පුරා වික්ටෝරියානු පවුල් ඒකක සඳහා වැඩිම වියදමක් වැයවු අංශ පිළිබඳ නවතම වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියා ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශ දත්ත අනුව 2024 වසරේ වික්ටෝරියානු පවුල් ඒකක සඳහා වැඩිම වියදමක් සිදුව ඇත්තේ සොඛ්‍ය වියදම් වලටයි.

එම අගය සමස්ථ වියදමින් සියයට 7.2ක් බව සදහන්.

මීළගය වැඩිම වියදමක් යොමුව ඇත්තේ හෝටල් ආපනශාලා සහ කැෆේ යන ක්ෂේත්‍ර වලට වන අතර එම වියදම සියයට 6.8ක් බවයි වාර්තා වන්නේ.

මේ අතර වික්ටෝරියානුවන්ට 2024 වසරේ අවම වියදමක් සිදුව ඇත්තේ මත්පැන් හා දුම්කොල ආශ්‍රීත නිශ්පාදන වලට වන අතර එම වියදම් අගය සෘණ අගයක් ගැනීම ද විශේෂත්වයක්.

විවිධ භාණ්ඩ හා සේවා සඳහා වික්ටෝරියානුවන්ට පසුගිය වසරේ සියයට 3.3ක වියදමක් වැයව ඇති බව සඳහන්.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »