Search

වික්ටෝරියා මෝනිංටන් අර්ධද්වීපයේ නාය යෑමේ අවදානම තවත් ඉහළට

වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි තවත් නිවාස කිහිපයක පදිංචිකරුවන් එම නිවාසවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ නාය යෑමේ අවදානම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

මෙලෙස නියෝග කර ඇත්තේ මෝනිංටන් අර්ධද්වීපයේ මැක්‍රේ හි පිහිටි නිවාස පහක පදිංචිකරුවන් වෙතයි.

මේ වනවිට කලාපය තුළ අනාරක්ෂිත තත්වයේ පවතින මුළු නිවාස සංඛ්‍යාව 20 ක් වන බව ද සදහන්.

මෝනිංටන් අර්ධද්වීපයේ ෂයර් හි නගරාධිපති ඇන්තනී මාර්ෂ් විසින් ප්‍රකාශ කර ඇත්තේ මේ සදහා හේතුවූ සාධකය කුමක්ද යන වග මෙතෙක් නිශ්චිතව හදුනාගෙන නොමැති බවයි.

උද්ගත වී ඇති තත්වය හමුවේ බලපෑමට ලක්ව සිටින පදිංචිකරුවන් වෙනුවෙන් Dromana (ඩ්‍රොමානා) හී තොරතුරු මධ්‍යස්ථානයක් විවෘත කර තිබෙනවා.

නියෝගය නොතකා නැවත තම නිවෙස් වෙත පැමිණෙන පදිංචිකරුවන්ට ඩොලර් 70,000 ක දඩ මුදලක් ගෙවීමට සිදු වන බව ද වැඩිදුරටත් සදහන්.