
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් සමාගම් දෙකක් විසින් Credit කාඩ් අධිභාර (Credit Card Surcharge) තහනම් කිරීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව Qantas සහ Virgin යන ගුවන් සමාගම් විසින් අවධාරණය කර ඇත්තේ Credit Card අධිභාර (Credit Card Surcharge) තහනම් කළහොත් ඉදිරියේ දී ගුවන් ගමන් ගාස්තු ඉහළ යෑමකට මුහුණ දීමට පාරිභෝගිකයන්ට සිදුවන බවයි.
සංචිත බැංකුවේ නිර්දේශය ලැබෙන තෙක් මෙය ක්‍රියාත්මක කිරීම සදහා සූදානමෙන් පසුවන බවටයි ෆෙඩරල් භාණ්ඩාගාරික විසින් ප්‍රකාශ කර ඇත්තේ.

මෙම තහනම සදහා Commonwealth බැංකුවේ සහාය හිමි වී තිබීම ද විශේෂත්වයක්.
කෙසේ වෙතත් Qantas සමාගම විසින් පෙන්වා දී ඇත්තේ කාඩ්පත් හරහා සිදුකරන ගෙවීමේ ක්‍රමවේදය සදහා වැය වන අමතර පිරිවැය පියවා ගැනීම සදහා අධිභාර අවශ්‍ය වන බවයි.

ගුවන් ගමන් ගාස්තු පාරිභෝගික ප්‍රජාව වෙත දැරිය හැකි මුදලකට ලබා දීම සදහා මෙම ක්‍රමවේදය උපකාරී වන බවයි Virgin සමාගම විසින් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.