
චීන විද්‍යුත් වාහන ඔස්ට්‍රේලියාව වෙත ආනයනය කිරීම සම්බන්ධයෙන් ඇතැම් මෝටර් රථ විශේෂඥයින් කනස්සල්ලෙන් පසු වනවා.
ඒ ආරක්ෂක තත්වය පිළිබදව පවතින අවදානම හේතුවෙන් බවයි පැවසෙන්නේ.
රටේ ආරක්ෂක තත්වයට ඇති විය හැකි ගැටළු සැලකිල්ලට ගනිමින් චීන සහ රුසියානු තාක්ෂණය අඩංගු මෝටර් රථ ආනයනය කිරීම වැළැක්වීම සදහා ඇමරිකා එක්සත් ජනපදය විසින් මෑතකාලීනව පියවර රැසක් ගෙන තිබුණා.

මේ වනවිට ඔස්ට්‍රේලියාවේ විද්‍යුත් වාහන කර්මාන්තයේ ආධිපත්‍යය දරනු ලබන්නේ චීනය විසින් වීම ද විශේෂත්වයක්.
MG සහ Chery වැනි වෙළද සන්නාමවලට අයත් විද්‍යුත් වාහන ඔස්ට්‍රේලියානු මාර්ගවල මේ වනවිට වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ සිට චීන මෝටර් රථ වෙළද සන්නාම 15 කට වැඩි ප්‍රමාණයක් ඔස්ට්‍රේලියානු වාහන වෙළද පොළ වෙත පැමිණ ඇති බවයි මෝටර් රථ සම්බන්ධ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී පෝල් ගෝවර් විසින් පෙන්වා දී ඇත්තේ.
ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරියේ දී පැනවීමට නියමිත තහනම හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ චීන විද්‍යුත් වාහන අලෙවිය සීග්‍රයෙන් ඉහළ යා හැකි බව ද ඔහු විසින් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.