Search

ෆෙඩරල් මැතිවරණය ගැන වික්ටෝරියානුවන්ගේ අවධානය ඉහළට

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ෆෙඩරල් මැතිවරණය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ගේ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

මෙවැනි පසුබිමක් තුළ ප්‍රාන්ත විපක්ෂ නායක බ්‍රෑඩ් බැටින් විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙම මැතිවරණය න්‍යෂ්ඨික බලශක්තිය සම්බන්ධ ජනමත විචාරණයක් වන බවයි.

හිටපු විපක්ෂ නායකයා එම ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ හේතුව සම්බන්ධයෙන් මාධ්‍ය විසින් ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

ඊට පිළිතුරු ලබාදුන් බ්‍රෑඩ් බැට්න් විසින් අවධාරණය කර ඇත්තේ හිටපු විපක්ෂ නායක ජෝන් පෙසුටෝගේ නායකත්වය අස්ථාවර වීම හේතුවෙන් එම ක්‍රියාමාර්ගය ගත් බවයි.

මහජනතාවගේ අදහස් මොනවාද යන වග දේශපාලඥයින් විසින් තීරණය කිරීම වෙනුවට ඉදිරි මැතිවරණයේදී වික්ටෝරියා ප්‍රාන්ත ජනතාවට තම අදහස සෘජුවම ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වන බවයි නව විපක්ෂ නායකයා විසින් පෙන්වා දී ඇත්තේ

ඉදිරියේදී කුමන පක්ෂයකට වික්ටෝරියා ප්‍රාන්තයේ පාලන බලය හිමි වුවද ප්‍රාන්තයේ අනාගත බලශක්ති සැපයුම සම්බන්ධයෙන් ෆෙඩරල් රජය සමග එක්ව කටයුතු කිරීමට අගනා අවස්ථාවක් උදා වනු ඇති බවයි ඔහු විසින් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »