
ඔස්ට්‍රේලියා ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් විසින් විපක්ෂ ලිබරල් සන්ධානය වෙත චෝදනා රැසක් එල්ල කර තිබෙනවා.
විශේෂයෙන් ඔවුන්ගේ ඉදිරි න්‍යෂ්ඨික බලශක්ති සැලසුම මිල අධික වන බවත් එය ජනතාවට ඉතා දුෂ්කර වනු ඇති බවටයි ඔහුගේ අදහස වී ඇත්තේ.
විපක්ෂය සැබවින්ම ජනතාවගේ ජීවන වියදම ඉහළ යෑම ගැන සැලකිලිමත් වනවා නම් රජය විසින් ඉහළ යන ජීවන වියදම් අවම කිරීම සදහා ගෙන යන වැඩපිළිවෙළට සහය දක්වනු ඇති බවටයි ෆෙඩරල් භාණ්ඩාගාරිකවරයා විසින් පෙන්වා දෙන්නේ.

මේ අතර එළඹෙන පෙබරවාරි මාසයේ දී පොලී අනුපාත අඩු කිරීමේ ක්‍රියාවලිය සිදුවීමට ඇති ඉඩකඩ අඩු මට්ටමක පවතින බව ද වාර්තා වනවා.
කෙසේ වෙතත් ඉදිරි ෆෙඩරල් මැතිවරණයට පෙර නිවාස හිමියන් වෙනුවෙන් පොලී අනුපාත අඩු කිරීම සදහා හොදම විකල්පය අප්‍රේල් මාසය වන බව ද සදහන්.

මෙවැනි පසුබිමක් තුළ ජිම් චාමර්ස් විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පීටර් ඩට්න් ප්‍රමුඛ විපක්ෂ ලිබරල් සන්ධානය ඔස්ට්‍රේලියාව පසුපසට ඇද දමනු ඇති බවයි.