Search

හෙට සිට පරිශීලකයින් මිලියන 170 කට TikTok නැති වෙයි ?

අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිකුත් කළ තහනම ක්‍රියාත්මක වීමට පෙර, රජය මැදිහත් නොවන්නේ නම්, ඉරිදා සිට තම සමාජ මාධ්‍ය වේදිකාව අමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක නොවනු ඇතැයි ටික් ටොක් සමාගම පවසනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවෙන් පසුව ප්‍රකාශයක් නිකුත් කරමිනුයි සමාගම මේ බව පවසා ඇත්තේ.

ධවල මන්දිරය සහ අධිකරණ දෙපාර්තමේන්තුව ටික් ටොක් හි සේවාව ලබා ගැනීම සඳහා තම සමාගමට සහතිකයක් ලබා දීමට අපොහොසත් වී ඇති බව ඔවුන් සඳහන් කරනවා.

ටික් ටොක් සමාජ මාධ්‍ය වේදිකාවට පනවා ඇති තහනම නොතකා ඔවුන් ක්‍රියා කළ හොත්, වීඩියෝ යෙදුමට දඬුවම් නොලැබෙන බවට සහතික කිරීමට රජය වහාම මැදිහත් විය යුතු බවයි ටික් ටොක් සමාගම පවසන්නේ.

නමුත් එවැනි සහතිකයක් ලබා දීමට ඇමරිකානු රජය අපොහොසත් වන්නේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව යමින්, ජනවාරි 19 වන දින සිට මිලියන 170 ක පරිශීලකයින් සඳහා ක්‍රියාත්මක නොවනු ඇති.

මෙම තහනම නිසා දැනටමත් ඔවුන්ගේ දුරකථනවල යෙදුම බාගත කර ඇති TikTok පරිශීලකයින්ට බලපාන්නේ නැති බවටයි මුළදී මත පළ වූයේ.

නමුත්, Tik Tok හි නව ප්‍රකාශයෙන් ඇඟවෙන්නේ එය පවතින සියලුම පරිශීලකයින්ට මෙන්ම එය බාගත කිරීමට උත්සාහ කරන පුද්ගලයින්ටත් යෙදුම ක්‍රියාත්මක නොවනු ඇති.

මේ අතර, ඉදිරියේදී සිදුවීමට නියමිත තහනමට පෙර අමෙරිකානු ටික් ටොක් නිර්මාණකරුවන් ඔවුන්ගේ අනුගාමිකයින්ට සමුදීම සඳහා යෙදුමේ වීඩියෝ පළ කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය විසින් වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »