Search

සරම්ප රෝගය වික්ටෝරියා ප්‍රාන්තය පුරා පැතිරීමේ අවදානමක්

පසුගිය දිනවල මෙල්බන් නගරයෙන් වාර්තා වූ සරම්ප රෝගීන් මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සෙසු ප්‍රදේශ වලින් ද හමුවී තිබෙනවා.

මේ වනවිට තවත් රෝගීන් දෙදෙනෙකු සොයාගෙන ඇති බවයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ පවසන්නේ.

වියට්නාම, තායිලන්ත වැනි ආසියානු රටවල සංචාරය කිරීමත් එම රෝගීන් මෙල්බන් වැනි නගරවල පොදු ස්ථානවල ගැවසීමත් මෙම වෛරසය ව්‍යාප්තවීමට හේතු වී ඇති බවයි ඔවුන් අනාවරණය කර ඇත්තේ.

ඒ අනුව ජනවාරි 13, 16 කාලසීමාවන් තුල ඉහත ස්ථානවල ගැවසුණු පුද්ගලයන් හැකිඉක්මනින් සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙස ඔවුන් ඉල්ලීමක් කරනවා.

ඒ අනුව වියට්නාම ඇතුලු අග්නිදිග ආසියානු රටවල සංචාරය කිරීමට සැලසුම් කර ඇති ඕනෑම අයෙක් එම්.එම්.ආර් එන්නත ඇතුලු සුදුසු සංචාරක එන්නත් ලබාගෙන ඇති බවට සහතික විය යුතු වනවා.

පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝවන මෙම රෝගයේ ලක්ෂණ වන්නේ අධික උණ, කුෂ්ඨ සහ ඇගපතේ වේදනාවයි.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »