Search

U19 කාන්තා T20 ලෝක කුසලානයේ පළමු තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

2025 වයස අවුරුදු 19 න් පහළ කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (18) ආරම්භ වුණා.

D කාණ්ඩය යටතේ ආරම්භ වූ තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තය අතරයි.

මැලේසියාවේ Bangi හීදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අවසරයෙන් පිටියට පිවිසි ස්කොට්ලන්ත පිතිකාරිණියන්ට පන්දු වාර 15 පන්දු 01ක් තුළ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 48 ක් පමණයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නායිකා Elenor Larosa හා Caoimhe Bray කඩුලු 03 බැගින් බිඳ හෙළීමට සමත්කම් දැක්වූවා.

ලකුණු 49 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියානු කාන්තා පිතිකාරිණියන් පන්දු වාර 6 පන්දු 4 ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසු කර ගියා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »