
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත විදුලි සැපයුමට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා.
ප්‍රාන්ත හදිසි සේවාව විසින් අවධාරණය කර ඇත්තේ දළ වශයෙන් පැයකට විදුලි සැපයුම බිද වැටීම සම්බන්ධ පැමිණිලි 150 ක් පමණ ලැබෙන බවයි.
ඊයේ (17) රාත්‍රියේ දී පමණක් පාරිභෝගිකයන් 68,000 කගේ පමණ විදුලි සැපයුම බිද වැටී තිබුණු බවයි පැවසෙන්නේ.

අද (18) උදෑසන වනවිට සිඩ්නි හි පාරිභෝගිකයන් 28,000 කට පමණ තමවත් විදුලි සැපයුම බිද වැටී තිබෙන බවයි Ausgrid විසින් පෙන්වා දෙන්නේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා මෙම තත්වයට මුහුණ දී තිබෙන පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාව 40,000 පමණ වන බව ද සදහන්.

මේ අතර නිව් කාසල් සහ හන්ටර් යන ප්‍රදේශවල ජීවත් වන වැසියන් 12,000 කගේ පමණ තවමත් විදුලි සැපයුම යථා තත්වයට පත් කර නොමැති බවයි වාර්තා වන්නේ.
ඊයේ (17) රාත්‍රියේ දී පැවති කුණාටු තත්වය හේතුවෙන් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (SCG) වහලයේ කොටසක් වෙත විදුලි රැහැන් සහ ගස් කඩා වැටී තිබෙනවා.
ඒ හේතුවෙන් SCG හි වහලයේ කොටසක් වෙත අලාභ හානි සිදුවී ඇති බව ද වැඩිදුරටත් සදහන්.