Search

මෙල්බන් Car Park හි වාහන නැවතීමේ දී සැළකිලිමත් වෙන්නැයි උපදෙස්

රාත්‍රී කාලයේ මෙල්බන් Car Park හිදි රථවාහන සොරකම් කිරීමේ ජාවාරමකට අදාළ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගැනීම සදහා පොලීස් විමර්ශන මෙහෙයවනවා.

මෙම සැකකරුවන් 4 දෙනාගෙන් තිදෙනෙක් අවුරුදු 13ක් වයසැති බාල වයස්කරුවන් වන බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රියේ Princes Highway car park හි තිබූ මෝටර් රථයක් සොරකම් කර රැගෙන යෑමට උත්සහ කිරීමේ දී පොලීසිය වහාම ක්‍රියාත්මක වී තිබෙනවා.

පොලීසිය සිදුකළ ලුහු බැදීමේදී සොරකමට ලක් කළ මෝටර් රථය පොලිස් රථයේ ගැටී ඇති අතර සැකකරුවන් එම අවස්ථාවේදී වාහනයෙන් පැන පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සැකකරුවන් අවුරුදු 13, 14 සහ 16 වියෙහි පසුවන්නන් වන අතර මොවුන්ට මීට පෙරද මෝටර් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර සැකකරුවන් ළමා උසාවියට ​​ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියම කර තිබුණා.

කෙසේ වෙතත් Melbourne අවට රථවාහන Park හී වාහන නවතා දමන මෝටර් රථ හිමියන් ඒ සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙසයි පොලීසිය වැඩිදුරටත් දන්වා ඇත්තේ.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »