
දකුණු ඔස්ට්‍රේලියාවේ පෝර්ට් මැක්ඩොනෙල් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී කිලෝග්‍රෑම් 125 ක් බරැති දැවැන්ත බ්ලූෆින් ටූනා මාළුවෙකුගේ ඇල්ලීමට ඔස්ට්‍රේලියාවේ නව යෞවුන් වියේ පසුවන ධීවරියක් සමත්ව තිබෙනවා.
මෙම මත්ස්‍යයා ඇල්ලීමත් සමග මෙතෙක් පැවති වාර්තා තුනක් බිද හෙළීමට ඇය සමත් වුණා.
15 හැවිරිදි Emma Spiteri විසින් මෙම වාර්තාව පිහිටුවා ඇති අතර ඇය දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ දක්ෂ ධීවරියක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

ඇය තම ප්‍රදේශයේ සිටින තරුණ ගැහැණු ධීවරියන් අතළොස්සෙන් කෙනෙක් වන අතර ඇය සදහන් කළේ යම් දිනක එය තම ජීවිකාව කරගන්නා බවයි.
ඇය මෙම විශාල මාලුවා පසුගිය අප්‍රේල් මස අල්ලා ඇති අතර ඇය සදහන් කලේ තමා මෙම මාලුවා වරාය වෙත ගෙන ගොස් කිරා එහි වාර්තාව සනිටුහන් කිරීමට ඇමරිකාව වෙත යැවූ බවයි.

ඒ සදහා විශාල කාලයක් බලා සිටීමට ඇයට සිදුව තිබුණා.
මෙය වාර්තා තුනක් බවට පත්ව ඇත්තේ කිලෝග්‍රෑම් 125.4 ක් බරින් යුක්ත බ්ලූෆින් ටූනා මාළුවෙක් ඇල්ලීම,
ඔස්ට්‍රේලියාවෙන් ඇල්ලූ විශාලතම බ්ලූෆින් ටූනා මාලුවා වීම සහ ලොව මෙතෙක් ඇල්ලූ විශාලතම බ්ලූෆින් ටූනා මත්‍යසයා යන වාර්තා තුන බිද හෙළීමත් සමගයි.
මේ ත්‍රිත්වය සදහාම ඇය ජාත්‍යන්තර ක්‍රීඩා මත්ස්‍ය සංගමය විසින් පිරිනමන ලද කනිෂ්ඨ ධීවර වාර්තාව දිනා ගැනීමට සමත්වුණා.