Search

ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමකින් මෙල්බන් සරසවිය යළිත් ඉහළට

ලොව රැකියා වෙළඳපළට ගැලපෙන උපාධි පිරිනමන විශ්වවිද්‍යාලය අනුව මෙල්බන් විශ්ව විද්‍යාලයට ලොව 08 වන ස්ථානය හිමිව තිබෙනවා.

QS දත්ත වාර්තා අනුව මෙම නම් කිරීම සිදුකර ඇති අතර ලෝක හොදම විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව මෙල්බන් විශ්ව විද්‍යාලයට හිමිවන්නේ 13 වන ස්ථානයයි.

ඔස්ට්‍රේලියාවේ හොදම විශ්වවිද්‍යාල අතර අංක එකට නම්වන්නේද මෙල්බන් විශ්වවිද්‍යාලයයි.

තවද රැකියා නියුක්තිය සඳහා ලොව සුදුසුම උපාධි පිරිනැමෙන විශ්ව විද්‍යාලය ලෙස නම් කර ඇත්තේ  කැලිෆෝනියා තාක්ෂණ ආයතනය වන අතර ගණිතය,විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධි කෙරෙහි එහි වැඩි උනන්දුවක් දක්වනවා.

එම ශ්‍රේණිගත කිරීමට අනුව ලොව රැකියා වෙළඳපළට ගැලපෙන උපාධි පිරිනමන දෙවන විශ්වවිද්‍යාලය ලෙස නම් කර ඇත්තේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයයි.

කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය
රැකියා වෙළඳපළට ගැලපෙන උපාධි පිරිනැමිම අතින් ලොව තුන්වන තැනටයි නම් කර ඇත්තේ.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »