Search

වර්ජනය කළ සිඩ්නි දුම්රිය රියදුරන් ලබන ඉහළ වැටුප් මෙන්න

වැටුප් කොන්දේසි කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජන හේතුවෙන් මෙම සතියේ සිඩ්නි හි දුම්රිය ගමන් රැසකට බාධා මතුව තිබුණා.

මේ තත්වයත් සමග සිඩ්නි ගුවන් විදුලි මධ්‍යස්ථානයක් විසින් දුම්රිය රියදුරු වැටුප් පිළිබඳව සිදු කර ඇති ඇස්තමේන්තු ගත වාර්තාවක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම වාර්තාත් සමග දුම්රිය මගීන් සමාජ මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ මෙවැනි වැටුපක් ලබා මගීන් තවදුරටත් අසරණ කිරීම සාධාරණ නොවන බවයි.

වැටුප් ආරවුලක් හේතුවෙන් බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල සිඩ්නි හි දුම්රිය සේවා වාර 1900කට වඩා අවලංගු කිරීම් සහ ප්‍රමාදවීම්වලට මුහුණ දී තිබුණා.

NSW හි දුම්රිය සේවකයින් 13,300 න් සියයට 75 ක් පමණ වෘත්තීය සමිති සාමාජිකයින් වන අතර, මෙලෙස වැඩි දෙනෙක් වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළෙඹීමෙන් මගීන් දැඩි අපහසුතාවට පත් වුණා.

දුම්රිය වෘතිය සංගම් සියයට අටක වාර්ෂික වැටුප් වැඩිකිරීම් හතරක් ඉල්ලා සිටින බවයි වාර්තා වන්නේ.

වැටුප් වැඩිවීම් මඟින් පළමු වසර තුළ විශ්‍රාම වැටුප් ඇතුළුව ඩොලර් 157,081 සිට සිව්වන වසර වන විට ඩොලර් 198,764 දක්වා වාර්ෂික වැටුප් ඉහළ යෑමක් අපේක්ෂා කරන බව සදහන්.

සිඩ්නි හි දුම්රිය රියදුරෙකුගේ සාමාන්‍ය වාර්ෂික වැටුප ඩොලර් 128,196 ක් වන අතර එයට අතිකාල සහ දීමනා ඇතුළත්.

වෘත්තීය සමිති පළමු වසරේදී ඩොලර් 157,081 ක් ද දෙවන වසරේ දී ඩොලර් 170,408ක් ද තුන්වන වසරේදී ඩොලර් 184,040 ක් ද හතර වන වසර වන විට වාර්ෂික ආධායම ඩොලර් 198,764ක්

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »