Search

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින්ගෙන් ගෝලීය උණුසුම ගැන අරුම පුදුම අනාවරණයක්

දේශගුණික විපර්යාස පුද්ගල සෞඛ්‍යයට මූලික තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් හදුනාගෙන තිබෙනවා.

2030 වන විට වසරකට දේශගුණික විපර්යාසය හේතුවෙන් පුද්ගල මරණ 250,000 දක්වා ඉහළ යා හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු ගත කර ඇත්තේ.
මෙම දේශගුණික විපර්යාසය යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය වන පිරිසිදු වාතය, ආරක්ෂිත පානීය ජලය, පෝෂ්‍යදායී ආහාර සැපයුම සහ ආරක්ෂිත නවාතැන් වලට තර්ජනයක් වන
බව එම සංවිධානය පවසනවා.

මේ හේතුවෙන් ඩොලර් බිලියන 6කට අධික මුදලක් වැය කිරීමට සිදුවන බවත් ගෝලීය සෞඛ්‍යයේ දශකයන් පවා අඩපණ වීමේ හැකියාවක් පවතින බවයි අනාවරණය වන්නේ.

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් කණ්ඩායමක් විසින්
ගෝලීය උණුසුම වැඩිවීමත් සමග මිනිස් ප්‍රජාවට සිදුවන බලපෑම ගැන අවධාරණය කර තිබුණා.

තවද මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සෙෆලයිටීස්, Hay Fever තත්වයන් ආමාශ ආන්ත්‍රික රෝග සහ ආසාත්මිකතා සදහා ද දේශගුණික විපර්යාස බලපෑම් කරන බවයි අනාවරණය කර ඇත්තේ.

එපමනක් නොව Heat Stroke තත්වය ද, මානසික සෞඛ්‍ය පවා පිරිහීමට දේශගුණික විපර්යාස බලපෑම් කරන බව එම පර්යේෂණ කණ්ඩායම හදුනාගෙන තිබෙනවා.