
වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව ඇත්තේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බවයි.
පාරිභෝගික ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සිදු කළ රහසිගත සමීක්ෂණයකට අනුව දැරිය හැකි මිල මට්ටම් වල පවතින නිවාස වල නඩත්තුව සම්බන්ද ගැටළු හා අවම ප්‍රමිතීන් පිළිබඳ ගැටළු පැවති බවයි.
පවතින තරඟකාරී කුලීනිවාස වෙළඳපොල හේතුවෙන් බොහෝදෙනෙක් අනාරක්ෂිත හා ජීවත්වීමට නුසුදුසු නිවාස තෝරාගැනීමට පෙළඹෙන බවද අනාවරණය වී තිබෙනවා.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කුලී දේපල සඳහා තිබිය යුතු අවම ප්‍රමිතීන් 2021 වසරේදි මාර්තු 29 වන දා නිකුත් කර තිබුණා.
එම ප්‍රමිතීන්ට අනුව පිටත දොරවල් සඳහා දොර අගුලු තිබීම, විවෘත කල හැකි සහ වැසිය හැකි පිටත ජනේල, නිවසේ සියලු කොටස් ආවරණය වන පරිදි විදුලි බුබුළු,
හොඳ තත්වයේ මුළුතැන් ගෙයක් සහ හොඳ තත්වයේ පවතින වැසිකිලියක් යන නිර්නායකයන් ඊට ඇතුළත්.

මෙල්බන් අගනුවර සහ තදාසන්න කුලී නිවාස 100කට වැඩි ප්‍රමාණයක් අධ්‍යයනය කරමින් මෙම සමීක්ෂණය සිදු කර ඇති අතර මෙම නිවාසවලින් හතරෙන් එකකට වඩා නඩත්තු ගැටළු පවතින බවයි වාර්තා වී ඇත්තේ
අඩු කුලී මිල ගණන් යටතේ පවතින නිවාස වලින් සියයට 40 ක් පමණ හොඳින් නඩත්තු කර නැති බව හෙළිව තිබෙනවා.
කුලී නිවැසියන් ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහා ඒ සම්බන්ද නීති බලාත්මක කිරීම මෙම වාර්තාව මගින් යෝජනා ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන තිබුණා.