
Forbes සගරා වාර්තා අනුව 2025 වසර ආරම්භය වන විට ලොව ප්‍රමුඛ පෙලේ රටවල් හි සිටින බිලියනපතියන් සංඛ්‍යාව සම්බන්ධයෙන් අධ්‍යනයක් සිදුකර තිබෙනවා.
ඒ අනුව 2025 වසර ආරම්භයේ ලොව වැඩිම බිලියනපතියන් ගණනක් සිටින රට ලෙස නම් කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයයි.
එහි මේ වන විට සිටින බිලියනපතියන් ගණන 735ක්.

එම ශ්‍රේණිගත කිරීමේ දෙවන තැනට චීනය නම් කර ඇති අතර චීනයේ සිටින බිලියනපතියන් ගණන 495ක්.
ඉන්දියාව මෙම වසර ආරම්භයේම බිලියනපතියන් 169ක් සමගින් තුන්වන ස්ථානයටයි නම් කර ඇත්තේ.

2025 වසර ආරම්භයේ ම ඔස්ට්‍රේලියාවේ සිටින බිලියනපතියන් ගණන 47ක් වන අතර ලොව බිලියනපතියන් සිටින රටවල් අතර ඔස්ට්‍රේලියාවට හිමිවන්නේ 12 වන ස්ථානයයි.
පිළිවෙලින් ජර්මනිය, රුසියාව, හොංකොං, සහ ඉතාලිය බිලියනපතියන් අනුව මුල් ස්ථාන 7ට ඇතුලත්ව තිබෙනවා.