Search

Branded භාවිත කරන ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම ඉහළට

ඉහල ජන්ප්‍රියතාවයෙන් යුත් මිල අධික සන්නාම සහිත භාණ්ඩ භාවිතකිරීමෙන් වාර්ෂිකව ඔස්ට්‍රේලියානුවන්ට වැයවන මුදල ඉහල ගොස් ඇති බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

 

මෙලෙස භාවිත කරන සන්නාමය භාණ්ඩ අතර ජංගම දුරකතන ප්‍රමුඛ ස්ථානයට පත්ව ඇති අතර ඒ සදහා වැය වන මුදලද වාර්ෂිකව ඉහල ගොස් ඇති බව සදහන්.

 

ඇතැම් සන්නාමයන් දීර්ඝකාලීනව භාවිතකිරීමට හුරුවීමෙන් ඔස්ට්‍රේලියානුවන්ට වසරකට වැයවන මුදල ඩොලර් බිලියන 4.5ක් බවයි වාර්තා වන්නේ.

 

Finder දත්ත අනුව එක් පුද්ගලයකුට ඒ සදහා වාර්ෂිකව වැය වන මුදලේ සාමන්‍ය අගය ඩොලර් 330ක්.

 

ඒ අනුව ඉහළ යන ජීවන වියදම, බලශක්ති බිල්පත්, ජංගම දුරකථන සහ සන්නාමයෙන් යුතු සෑම අංගයක් සදහා වැඩි මුදලක් වැය කිරීමට ඔස්ට්‍රේලියානුවන්ට සිදුවනු ඇති.