Search

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ CID යට එයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණා.

ඒ අනුවයි ගෝඨාභය රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට තිබෙනවා.

කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙලෙස ගෝඨාභය රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ඉඩම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි තුන්වනදා යෝෂිත රාජපක්ෂගෙන් ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබුණා.