
RACQ හි වාර්ෂික ඉන්ධන වාර්තාවට අනුව, ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සඳහා වඩාත්ම මිල අධික නගරය ලෙස බ්‍රිස්බන් නම් කර තිබෙනවා.
බ්‍රිස්බන් හි පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය මිල ඩොලර් 1.90ක් වන අතර එම අගය පර්ත් හා සැසදීමේදී ශත 13ක වැඩිවීමක් ලෙස සදහන්.
ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත වල පෙට්‍රල් ලීටරයක මිල උපරිම වශයෙන් ශත 30ත් 40ත් අතර අගයකින් වෙනස් වුවද බ්‍රිස්බන් හී පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් ශත 50 දක්වා උපරිම අගයකින් ඉහළ යන බවයි වාර්තා වන්නේ.
තවද බ්‍රිස්බන් හි උපනගර 5ක් වන Kuraby, Deagon, Zillmere, Bracken Ridge සහ Moorooka යන ප්‍රදේශයන් හි පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් ශත 30දක්වා ඉහළ ගොස් ඇති බව සදහන්.

තවද බ්‍රිස්බන් හි පෙට්‍රල් මිල වඩාත් අධික ප්‍රදේශ ලෙස නම් කර ඇත්තේ Milton, Mount Ommaney, Jindalee, Salisbury and Toowong යන ප්‍රදේශයි.