Search

Smart watch පළඳිනවා ද? එහෙනම් ඔබත් අනතුරේ

Smartwatch සහ ශාරීරික යෝග්‍යතා ට්‍රැකර් බෑන්ඩ් වල සම හරහා අවශෝෂණය වන විෂ සහිත PFAS නැමති රසායනික ද්‍රව්‍ය අඩංගු විය හැකි බවට අනාවරණය වී තිබෙනවා.

මෙම නව සොයා ගැනීම එක්සත් ජනපද පර්යේෂණ කණ්ඩායමක් මගින් සිදුකර තිබුණා.

මෙම අධ්‍යයනය මගින් PFAS හෝ රසායනික ද්‍රව්‍ය සලකුණු කිරීම සඳහා පොදු වෙළඳ නාම 22 ක් පරීක්ෂා කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අයිතම අතුරින් 15 ක් සාමාන්‍යයෙන් පාරිභෝගික භාණ්ඩ සහ ඇඳුම්වල දක්නට ලැබෙන PFAS මට්ටමට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක් පවතින බව අනාවරණය වී තිබෙනවා.

PFAS යනු ජලයට සහ තාපයට ඔරොත්තු දෙන පාරිභෝගික නිෂ්පාදන සෑදීම සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන සංයෝග 15,000 ක පමණ එකතුවක්.

මෙම සංයෝග ශරීරයට අවශෝෂණය වීමෙන් පිළිකා, වකුගඩු රෝග, අක්මා ගැටළු, ප්‍රතිශක්තිකරන ආබාධ, නව උපත් ගැටලු සහ අනෙකුත් බරපතල සෞඛ්‍ය  ගැටළු වලට සම්බන්ධ විය හැකි බවටයි අනාවරණය වන්නේ.

මෙලෙස පරික්ෂා කරන ලද smart watch හි එක් එක් brands අතරට Nike, Apple, Fitbit සහ Google යන Smart watch නිශ්පාදන එම අධ්‍යනය සදහා යොදාගෙන නැහැ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »