
මෙල්බන් හි උපන්දින සාදයක් අතරතුර ඇති වූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු පිහි ඇනුමකින් මිය ගොස් තිබෙනවා.
මෙම පහරදීම මෙල්බන් හි Clyde North නිවසක පැවති සාදයක් අතර තුර සිදුව තිබුණා.
පිහි ඇණුමෙන් 23 හැවිරිදි තරුණයෙක් සහ 55 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති බවයි අනාවරණය වන්නේ.

පිහි ඇණුම් සිදුකළ පිරිස් සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ එම සාදයට පැමිණි පවුලේ සාමාජිකයින් දෙදෙනෙක් බව සදහන්.

මෙම ගැටුමට 20 දෙනෙකු පමණ සම්බන්ධ ව ඇති නමුත් පොලිසිය පැමිණීමට පෙර කිහිප දෙනෙකු ඉන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.