මෙල්බර්න් නගරයේ ප්‍රදේශ රැසක අප ජලයේ කොවිඩ් වෛරස් කොටස් හමුවෙයි

මෙල්බර්න් නගරයේ උප නාගරික කලාප රැසක අප ජලයේ තිබී කොවිඩ් වෛරස් කොටස් හමුවී තිබේ.

එම සාම්පල පසුගිය 08 වනදා ලබා ගත් ඒවා බවයි වාර්තා වන්නේ.

පහත ප්‍රදේශවලින් ලබාගත් අප ජල සාම්පලවල තිබියදීයි මෙම වෛරස් කොටස් හමුවී ඇත්තේ.

Bayswater, Bayswater North, Boronia, Croydon, Croydon North, Croydon South, Heathmont, Kilsyth, Kilsyth South, Montrose, Ringwood, Ringwood East, Sassafras, The Basin, Tremont and Wantirna.

අප්‍රේල් 06 වනදා සිට 09 වනදා දක්වා කාලය තුළ එම කලාපවල කිසියම් අයෙකු සිටියේ නම් වහා පරීක්ෂණයකට යොමුවන ලෙස බළධාරීන් දන්වා සිටිනවා.

දින 46 ක සිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු හමුවී නොමැති අතර දැනට ආසාධිතයන් 03 දෙනෙකු පමණක් ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සෑම සතියකම වික්ටෝරියා ප්‍රාන්තයෙන් ස්ථාන 140 කින් අපජල සාම්පල එකතු කර වෛරස් කොටස් සඳහා පරීක්ෂා 
කරනු ලැබේ.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »