
Commonwealth බැංකුව සියලුම ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් ගෙවීම් සඳහා අධිභාර ඉවත් කරන ලෙස ඔස්ට්‍රේලියානු සංචිත බැංකුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ගාස්තු සඳහා සෑම වසරකම සාප්පු හිමියන්ට ඩොලර් මිලියන සිය ගණනක් වැය වන අතර පාරිභෝගිකයින්ට සාධාරණයක් ලබා ගැනීම සහතික කිරීම සඳහා සංචිත බැංකුව මේ පිළිබද සළකා බලනු ඇතැයි සදහන්.
මෙම පියවර සාර්ථක වන්නේ නම් ඔස්ට්‍රේලියානුවන්ට වසරකට ඩොලර් දහස් ගණනක් ඉතිරි කර ගත හැකි බවයි වාර්තා වන්නේ.

ඒ අනුව Commonwealth බැංකුව විසින් සංචිත බැංකුවට කරුණු දක්වමින් සදහන් කර ඇත්තේ කාඩ්පත් හිමියන්ට අදාළ සියලු වර්ගවල අධිභාර කිරීම් තහනම් කරන ලෙසයි.
Commonwealth Bank විසින් ඉදිරිපත් කරන විස්තර අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද සදහන්.

එම යෝජනා සදහා සංචිත බැංකු එකග වන්නේ නම් දැනට ලොව අධිභාරය තහනම් කර ඇති බ්‍රිතාන්‍ය හා සමාන වන බවයි දැනුම් දී ඇත්තේ.