Search

ඔස්ට්‍රේලියානු කුඩා පරිමාණ ව්‍යාපාරවලට ගැටළු රැසක්

පසුගිය වසර තුළ ඔස්ට්‍රේලියානු කුඩා පරිමාණ ව්‍යාපාරවලට ගැටළු රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

ඒ Cash Flow හේතුවෙන් වන බවයි හදුනාගෙන ඇත්තේ.

මේ හේතුවෙන් 2024 වර්ෂය තුළදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් 80% කta පමණ Cash Flow හිඟයකට මුහුණ දීමට සිදුව ඇතැයි Commbank දත්ත වාර්තා ඔස්සේ අනාවරණය වී තිබෙනවා.

අධ්‍යයනය සදහා සම්බන්ධ කරගත් ව්‍යාපාරවලින් 85% කට පමණ මෙම තත්වය කළමනාකරණය කර ගැනීම සදහා නිශ්චිත උපාය මාර්ග තිබුණු බවයි දැක්වෙන්නේ.

කෙසේ වෙතත් එම කුඩා පරිමාණ ව්‍යාපාරවලින් හතරෙන් එකකට පමණ තම ව්‍යාපාර ඉදිරියට පවත්වා ගෙන යාම සදහා පුද්ගලික ඉතිරි කිරීම් සහ තම ආදායම භාවිතා කිරීමට සිදුව තිබීම ද කැපී පෙනෙනවා.

Commbank විසින් ඔස්ට්‍රේලියානු කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් වෙත නොමිලේ හදුන්වා දී ඇති Free Cash Flow Management පාඨමාලාවට සමගාමීව ඔවුන් මෙම සමීක්ෂණය සිදු කර තිබීම ද විශේෂත්වයක්.